.webp)

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය 24 බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි
ඒ අනුව දිවුලපිටිය,මීරිගම,අත්තනගල්ල,මහර, ගම්පහ මිනුවන්ගොඩ, ජාඇල,කටාන හා වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අත්නගලු ඔය හා උරුවල් ඔය දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, බියගම, දෙහිඕවිට, ඇහැලියගොඩ, යටියන්තොට හා බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල කැලණි ගඟ දෙපස ජීවත් වන ජනතාවද ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.
කළු ගඟේ සුළු ගංවතුර අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ රත්නපුර, කුරුවිට, ඇලපාත, අයගම හා කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගඟ දෙපස ජීවත්වන ජනතාවටයි.
අනතරු ඇගවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවත් මාර්ග භාවිතයේදී මගීන් හා රියැදුරන් විමසිලිමත් විය යුතු බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 200 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.
