හිටපු ඇමති විමල්ට එරෙහි අයථා වත්කම් නඩුව

හිටපු ඇමති විමල්ට එරෙහි අයථා වත්කම් නඩුව යළි විභාගයට....

by Staff writer 21-05-2026 | 10:28 PM

COLOMBO (News 1st) - අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනු කර තිබෙන නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද (21) යළි විභාගයට ගැණින.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල්  නඩු විභාගය පැවැත් වුණි.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවීගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගත්හ.

අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජූනි මස 08 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේ ය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමව තුළ සිය නිත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට විරුද්ධව ඉකුත් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.