.webp)
-616604.jpg)
ඒ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්ගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින්.
සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට තුළ එම ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බවයි.
ඒ අනුව ගුවන්තොටුපළ ආශ්රිත ආවේක්ෂණය ශක්තිමත් කිරීම, සැක සහිත රෝගියකු වාර්තා වුවහොත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායාතනය පෙර සුදානම් කර තැබීම, අවශ්‍ය රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණය ආයතනය සුදානම් කිරිම, මෙරට ආවේක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ගෝලීය තත්වය නිරන්තරයෙන් අධ්‍යනය කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය අවශ්‍ය කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ මනා සම්බන්ධීකරණයක් සිදු කිරීම යන කරුණූ ඊට ඇතුළත්.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාව මෙම රෝගය සඳහා අඩු අවදානම් රටක් ලෙස නම් කර ඇතැයි ද සෞඛ්‍ය අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
කෙසේ වෙතත් එම ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් අනිසි බියක් මහජනතාව තුළ ඇති කර ගත යුතු නැතැයි එහි වැඩිදුරටත් සඳහන්.
