ඇමරිකා -ඊශ්‍රායල සහ ඉරානය අතර යුද ගැටුමට දින 81ක්

ඇමරිකා -ඊශ්‍රායල සහ ඉරානය අතර යුද ගැටුම් ආරම්භ වී අදට(19) දින 81ක්.

by Chathurika Jayasundara 19-05-2026 | 9:51 AM

COLOMBO(News1st) - ඇමරිකා -ඊශ්‍රායල සහ ඉරානය අතර යුද ගැටුම් ආරම්භ වී අදට(19) දින 81ක්.

අප්‍රේල් 8 වැනිදා සිට දෙපාර්ශවය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතර අප්‍රේල් 13 වැනිදා ඇමරිකාව ඉරානයේ වරායන් අවහිර කරමින් ආරම්භ කළ මෙහෙයුමද තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙවැනි පසුබිමක ඊයේ(18) ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කළේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය "කළමනාකරණය" කිරීමට නව ආයතනයක් ස්ථාපිත කළ බවයි.

ඔවුන් එය නම් කර ඇත්තේ, "පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය" ලෙසිනි.

එහි පණිවුඩ නිකුත් කිරීමට නව එක්ස් ගිණුමක්ද ආරම්භ කොට ඇති අතර, එහි දැක්වෙන්නේ, ඉරාන බලධාරීන් සහ හමුදා මීට පෙර තීරණය කළ පරිදි හෝමුස් සමුද්‍ර සන්ධියේ හඳුන්වා දී ඇති සීමාවන් ගමන් කළ හැක්කේ ඉරානය සමග පූර්ණ සම්බන්ධීකරණයකින් පසුව පමණක් බවයි..

අවසරයකින් තොරව යාත්‍රා කිරීම නීති විරෝධී ලෙස සලකන බවද නව ආයතනය නිකුත් කල පණිවුඩයේ සදහන්..

මේ අතර ඊයේ(18) ඉරානය කරුණු 14ක නව සාම ගිවිසුමක් පාකිස්ථානයට භාරදී ඇති බවටද ඉරාන මාධ්‍ය වාර්තා කළේය.