.webp)

ඒ, විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි.
විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි කොන්සියුලර් අංශයේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල යන ප්‍රදේශවල පිහිටි සියලුම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවලද එම කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
තාක්ෂණික අංශය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමග සම්බන්ධීකරණයෙන්, කඩිනමින් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට සහ ප්‍රමාදයකින් තොරව සාමාන්‍ය සේවාවන් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.
දැනටමත් මාර්ගගත වේලාවන් වෙන්කරවා ගෙන ඇති අයැදුම්කරුවන්ගෙන්, ඉදිරි යාවත්කාලීන කිරීම් සහ දැනුම්දීම් සඳහා පද්ධතිය නිරීක්ෂණය කරන ලෙසද දැනුම් දෙයි.
පද්ධතිය යථා තත්ත්වයට පත් කළ වහාම, ඉන් බලපෑමට ලක් වූ සියලුම අයැදුම්කරුවන් ඒ පිළිබඳව නිසි පරිදි දැනුවත් කරනු ඇත.
