.webp)
-616307.jpg)
COLOMBO (News 1st) - හිමිකරුවෙකු නොමැති මල්වානේ නිවසේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් රැඳී සිටීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ අවධානය යොමුව තිබේ.
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සිසුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක්, හෙට අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි.
අදාළ පාර්ශ්වවල සහභාගීත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඉන් අනතුරුව, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් මල්වානේ පිහිටි හිටපු ඇමති බැසිල් රාජපක්ෂට අයත් බව කියා පසුව හිමිකරුවෙකු නොමැති වූ මල්වානේ මන්දිරයට ඇතුලු වුණේ, පසුගිය 14 වැනිදායි.
ඒ, ජනතා බදු මුදලින් සොරාගත් දේපල ජනතා අයිතියට පවරන්නැයි ඉල්ලමින්.
සරසවි තුළ මතුව ඇති ඉඩකඩ ගැටලුවට විසදුමක් ලෙස පීඨ සංකීර්ණ සහ නේවාසිකාගාර නිසි ලෙස ස්ථාපනය කිරීමට මෙවැනි දේපල යොදා ගන්නැයි ඔවුන් ඉල්ලා සිටී.
