.webp)

ඒ අනුව, ආනයනික මෝටර් රථයක් සඳහා මෙතෙක් අය කළ 30%ක රේගු ආනයන බද්ද මත තවත් 50%ක අතිරේක බද්දක් පැනවෙනු ඇති.
ඒ අනුව සාමාන්‍ය බද්ද හා ප්‍රමුඛතා බද්ද මත 50%ක ආනයන තැන්පතු මුදල් ගෙවිය යුතු වේ
පුද්ගල ප්‍රවාහන මෝටර් රථ, බස් රථ, ජීප් රථ, වෑන් රථ, භාණ් ප්‍රවාහන වාහන , ගිලන් රථ , මෝටර් රථ හා ඉඩම් වාහනවලට ද එම අතිරේක බදු අදාළ වේ.
හයිබ්‍රිඩ් වාහන කාණ්ඩය යටතේ ඇති පූර්ණ විදුලි වාහන හා හයිබ්‍රිඩ් වාහනවලට ද එම අතිරේක බද්ද බලාත්මක වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනය අනුව අද(16) සිට මාස 03ක කාලසීමාවක් සඳහා මෙම 50%ක අතිරේක බදු ගාස්තුව අය කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම නව 50%ක රේගු බද්ද බලනොපාන බව ද එහි දැක්වේ.
