වනවාසල දුම්රිය පීලි පැනීම ගැන පරීක්ෂණ ඇරඹේ...

වනවාසල දුම්රිය පීලි පැනීම ගැන පරීක්ෂණ ඇරඹේ...

by Staff writer 16-05-2026 | 1:01 PM

COLOMBO(News1st) - වනවාසල දුම්රිය ස්ථානය ආසන්නයේ අද(16) අළුයම සිදුවූ දුම්රිය පීලි පැනීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට කණ්ඩායමක් පත්කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය සඳහන් කළේ, ඉංජිනේරුවරුන් දෙදෙනෙකුද ඊට ඇතුළත් බවයි.

ඔවුන් මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර

දුම්රිය පීළී පැනීමෙන් එහි ගමන් ගත් මගීන් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණි.

එලෙස පීලි පැනීමට ලක්වූයේ පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක්.

පීලි පැනීමෙන් එහි එක් මැදිරියක් දුම්රිය මාර්ගයෙන් ඉවතට පෙරලී ගොස් තිබේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අසංක සමරසිංහ සඳහන් කළේ ය.

මේ අතර ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ, දුම්රිය පීලිපැනීම, කඩකප්පල්කාරි ක්‍රියාවක් දැයි විමර්ශන ක්‍රියාත්මක බවයි.