කැලණිය සහ වනවාසල අතරදී දුම්රියක් පීලිපනී

කැලණිය සහ වනවාසල අතරදී දුම්රියක් පීලිපනී ප්‍රධාන මාර්ගයේ පහළ කොටසේ දුම්රිය ධාවනයට බාධා. - දුම්රිය දෙපාර්තමේන්තුව

by Staff writer 16-05-2026 | 7:55 AM

COLOMBO(News1st) - පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රියක් වනවාසල ප්‍රදේශයේදී පීලිපැනීමකට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්ද හටගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, පීලිපැනීමත් සමග දුම්රිය මැදිරියක් පෙරලී ගොස් ඇති අතර මගීන් තුන් දෙනෙකුද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.