LPL ආරම්භක තරගය SSC පිටියේදී

LPL ආරම්භක තරගය ගාල්ල සහ යාපනය කණ්ඩායම් අතර ජූලි 17 වැනිදා SSC පිටියේදී

by Staff writer 15-05-2026 | 11:24 AM

COLOMBO(News1st) - 2026 ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම ආරම්භක තරගය ජූලි 17 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භයට පෙර, කොළඹ SSC ක්‍රීඩාංගණයේදී විශේෂ සමාරම්භක උත්සවයක් ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා කොළඹ SSC, රංගිරි දඹුල්ල, පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතයි.