ස්වේච්ඡාවෙන් විශ්‍රම ගිය විදුලි සේවකයින්ට වන්දි...

ස්වේච්ඡාවෙන් විශ්‍රම ගිය විදුලි සේවකයින්ට වන්දි ගෙවීම අද සිට.

by Staff writer 15-05-2026 | 10:25 AM

COLOMBO(News1st) - විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලියත් සමග ස්වේච්ඡාවෙන් ඉවත් වූ පිරිස් සඳහා වන්දි ලබා දීම අද ආරම්භ වේ.

බලශක්ති අමාත්‍යංශය පැවසුවේ ඒ සඳහා රුපියල් බිලියන 8.9 ක් වෙන් කර ඇති බවයි.

ඒ අනුව විදුලි බල මණ්ඩලයේ සේවකයින් 1600කට ආසන්න පිරිසකට අද එම වන්දි මුදල් ලැබෙනු ඇති.