.webp)

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි අඩු පීඩන කලාපය, ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟා වී තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කළු ගඟ මිල්ලකන්ඳ ප්‍රදේශයෙන් ද සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇති බවයි.
කළු ගඟ, මඟුර ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටමේ පවතියි.
පහත් බිම් වල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.
ප්‍රධාන ජලාශ 73 න්, 19 ක් වාන් දමමින් ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පවතින තත්ත්වය හමුවේ පහත් බිම් වල ජල මට්ටම් ඉහළයාම සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කරන්නැයි එල්.එස් සූරියබණ්ඩාර ජනතාවට දැනුම් දෙයි.
මේ අතර, දිස්ත්‍රික්ක 13 ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට තවදුරටත් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් බලාත්මකයි.
බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර, එම දිස්ත්‍රික්ක අතරට ඇතුළත් ය.
පූර්ව අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ජනතාවට දැනුම් දෙයි.
