ශානි ගැන තීරණයක්!

ශානි ගැන තීරණයක්!

by Staff writer 13-05-2026 | 7:32 PM

COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පත් කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇතැයි, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය තීරණය කර තිබේ.

ඒ, ඔහු ගොනුකළ අභියාචනයක් සලකා බලමිනි.

අභියාචනය සලකා බැලුනේ පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියේ සාමාජිකයින් වන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි,මහාධිකරණ විනිසුරු ශ්‍රීනතී නන්දසේකර සහ හිටපු අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි යන මණ්ඩලයක් හමුවේයි.

පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියේ තීරණය ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම තීරණය අනුව 2020 අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට හැකිවනු ඇති.