.webp)

ඔහු පැවසුවේ පැතිර යන රෝගී තත්ත්වය පිළිබඳ විමර්ශනයට යොමුකළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සිය වාර්තාව මගින් ඒ පිළිබඳ අනාවරණ කර ඇති බවයි.
ඒ අනුව අදාළ ජල මූලාශ්‍ර ක්ලොරිනීකරණය කිරීමට පියවර ගෙන ඇති බව ඔහු පැවසුවේය.
වෛද්‍ය එන්. ජී.එස්. පණ්ඩිතරත්න පැවසුවේ, පැතිර යන වෛරස් උණ රෝගය වැළඳුනු රෝගීන් 50 දෙනෙකු වාර්තාවී ඇති බවයි.
රෝගීන්ගේ ජෛව සාම්පල් යොමුකර කරාපිටිය රෝහලේ සිදුකළ පර්යේෂණවලට අනුව එය මිනිස් සිරුරේ ආහාර මාර්ගය ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන වෛරස් කාණ්ඩයක් බවට අනාවරණවී තිබේ.
අපිරිසිදු ජලය හෝ ආහාර මගින් වෛරසයට ශරීරයට ඇතුලු විය හැකියි.
මේ අතර එම වෛරස් රෝගය හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් හතරකට අද (11) හා හෙට (12) නිවාඩු ලබාදී ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු පවසයි.
එම තීරණය ගෙන ඇත්තේ, මනා සෞඛ්‍ය තත්ත්වයක් සහ පිරිසිදුකම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා ප්‍රජාව දැනුවත් කරමින්, පාසල් උපකරණ පවිත්‍රකරණයට ලක් කිරීම වෙනුවෙනි.
ඒ අනුව දෙනියාය ජාතික පාසල, දෙනියාය ශාන්ත මැතිව් පාසල, දෙනියාය රාජපක්ෂ විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ ප්‍රාථමික අංශයේ සිසුන්ට එලෙස නිවාඩු ලබාදී තිබේ.
