.webp)
-615885.jpg)
ඒ, තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් ඉදිරියේදී ය.
ඒ අනුව තමිල්නාඩුවේ නව මහ ඇමති විජයිගේ මූලිකත්වයෙන් කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් නව දෙනෙකුගෙන් සමන්විත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මෙම මූලික කැබිනට් මණ්ඩලය මගින් දේශපාලන අත්දැකීම්, තරුණ නියෝජනය, තාක්ෂණික විශේෂඥයන් නියෝජනය කිරීමට විජයි උත්සාහ කර තිබේ.
එමෙන්ම පක්ෂයේ ආරම්භයේ සිට ඔහු සමග සිටි ඔහුගේ ප්‍රධාන කණ්ඩායමේ සාමාජිකයන්ට ද ඔහු ප්‍රමුඛත්වයක් ලබා දී තිබුණි.
චෙන්නායි හි නේරු ශ්‍රවණාගාරයේ පැවැත්වූ එම දිවුරුම් දීමේ උත්සවයට කොන්ග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධිද සහභාගි වී තිබුණි.
තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනය උඩුයටිකුරු කරමින් පසුගිය සඳුදා මැතිවරණ ප්‍රතිඵල නිකුත් විය.
ඒ දශක හයකට ආසන්න කාලයක් පැවති DMK සහ AIADMK යන ද්‍රවිඩ පක්ෂ දෙකේ ඒකාධිකාරය බිඳ දමමින් ය.
ආසන 234කින් සමන්විත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 108 ක් ලබා ගැනීමට TVK පක්ෂය සමත් වුවත්, එය බහුතරය පිහිටවීමට ප්‍රමාණවත් වූයේ නැහැ.
ඒ අනුව පක්ෂ කිහිපයක සහාය ලබා ගනිමින් ඊයේ දිනයේ බහුතරය පිහිටුවීමට අවශ්‍ය වූ ආසන 120ක ප්‍රමාණයක් තහවුරු කර ගැනීමට විජෙයි ප්‍රමුඛ TVK පක්ෂය සමත් විය.
කොන්ග්‍රස් පක්ෂය , CPI , CPI(M) පක්ෂය, VCK පක්ෂය සහ ඉන්දීය යූනියන් මුස්ලිම් ලීගය සහය පල කල පක්ෂ අතරට අයත් ය.
