කොළඹ අවට අද විශේෂ රථවාහන සැලැස්මක්.

වියට්නාම ජනාධිපතිගේ ලංකා සංචාරය වෙනුවෙන් අද කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්.

by Staff writer 08-05-2026 | 8:45 AM

COLOMBO (News 1st) -  වියට්නාම ජනාධිපතිවරයා මෙරට නිල සංචාරය හේතුවෙන් අද(08) දිනය තුළ කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ, ඒ හේතුවෙන් අද (කොළඹ නගරයේ මාර්ග කිහිපයක් විටින් විට තාවකාලිකව වසා තබන බවයි.

වියට්නාම ජනාධිපතිවරයා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන බැවින් එම කාලය තුළ එන්.එස්.ඒ වටරවුම, ගාලු මැද පාර, බැංකු මාවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා බස් රථ ඇතුළු බර වාහන ඇතුල්වීම වියට්නාම ජනාධිපතිවරයා ගමන් ආරම්භ කිරීමට පැය දෙකකට පෙර නවත්වන බවයි.

ගාලුමුවදොර වටරවුම,පිත්තල හන්දිය,රතුකුරුස වටරවුම,පුස්තකාල වටරවුම,නෙළුම් පොකුණ හන්දිය, ඩි.එස් සේනානායක වටරවුම,රාජගිරිය,පාර්ලිමේන්තු පාර වියට්නාම ජනාධිපතිවරයා ගමන් ගන්නා අවස්ථාවේදී තාවකාලිකව වසා තැබීමට නියමිතව තිබේ.