වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 05ක්

වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 05ක්

by Staff writer 08-05-2026 | 3:57 PM

COLOMBO(News1st) - වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 05ට(08) අද එළඹුණි.

ඒ වියට්නාම ජනාධිපති ටෝ ලාම්ගේ මෙරට සංචාරයට සමාගාමීවයි.

ජනාධිපති කාර්යාලයේදී ගිවිසුම් හුවමාරු කර ගැනුණේ අද පෙරවරුවේ වියට්නාම හා ශ්‍රි ලංකා ජනාධිපතිවරුන් ඉදිරියේයී.

පොලිස් පුහුණුව සහ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හී සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම් අද(08) එළඹුනු ගිවිසුම් අතර වේ..

මීට අමතරව ආගමික ක්ෂේත්‍රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය සුබසාධනය, ආගමික විශ්වාස, සිරිත්විරිත් ප්‍රචාරණය සහ ආරක්ෂා කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට ද අද එළඹුණි..

මීට අමතරව සංස්කෘතික සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම මෙන්ම තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුමද අද එළඹුනු ගිවිසුම් අතර වේ..

වියට්නාම් රජය විසින් ශ්‍රී ලංකාව වෙත එහිදි පරිත්‍යාග කෙරෙන මෙට්‍රික් ටොන් 100ක පොහොර තොගයක් පරිත්‍යාග කිරිමේ ලිපි ලේඛන හුවමාරුවද එහිදි සිදුවුණි