රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

by Staff writer 08-05-2026 | 3:45 PM

COLOMBO(News1st) - රාජාංගනය හාමුදුරුවෝ ලෙස ප්‍රසිද්ධියට පත් රාජාංගනයේ සද්ධාරතන හිමි අද අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රාවස්තිපුර ප්‍රෙද්ශයේ පිහිටි විහාරස්ථානයේදීයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත විරසූරිය, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කිරීම සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව උන්වහන්සේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.