.webp)
-615799.jpg)
COLOMBO (News 1st) - දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්, ගම්මැද්ද රී-බිල්ඩ් වැඩසටහන අද දෙවැනි දිනටත් නුවරඑළියේ දී පැවැත්විය.
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, සහ ගම්මැද්ද ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවන්නේ ඔස්ට්‍රේලියාවේ මින්ඩරූ පදනමේ පූර්ණ සහයෝගයෙන් ය.
දිට්වා සුළි කුණාටුවෙන් පැය 24 ක් ගත වන්නටත් පෙර සිරස ශක්ති සහන යාත්‍රා ආරම්භ කෙරුණේ අපේම ජනතාවට ශක්තියක් වෙමින් ය.
එමඟින් හදිසි සහන සේවා දින ගනනාවක් ක්‍රියාත්මක විය.
එහි ඊළඟ පියවර වූයේ පීඩාවට පත්ව සිටින ජනතාව නැවත නගා සිටුවීමයි.
ඕස්ට්‍රේලියාවේ මින්ඩරූ පදනමේ දායකත්වයත් සමග ගම්මැද්ද කෙයාර් ඇන්ඩ් ඩෙයාර් ආරම්භ කළේ ඒ වෙනුවෙන් ය.
කොත්මලෙන් ඇරඹි ගම්මැද්ද කෙයාර් ඇන්ඩ් ඩෙයාර් ක්‍රියාන්විතය යළි නැගි සිටින ජනතාවට සවියක් වෙමින් පීඩවට පත් සියලු දිස්ත්‍රික්ක ආවරණය කළේ ය.
මේ... දිට්වා සුළි කුණාටුවෙන් පසු යළි නැගිටින රට වෙනුවෙන් ගම්මැද්ද තබන තුන්වැනි පියවර..
ගම්මැද්ද රීබිල්ඩ් ශ්‍රී ලංකා..
පීඩාවට පත් ජනතාවගේ ජීවිත නගා සිටුවීම සඳහා ඔවුන්ගේ වෘත්තීය ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණින් ගම්මැද්ද රීබිල්ඩ් ක්‍රියාත්මක වනවා.
ඊයේ නුවරඑළිය කාර්මික විද්‍යාල පරීශ්‍රයේදී පෙදරේරු, වඩුකාර්මික, විදුලි කාර්මික, ලෝහ නිමැවුම් , ජලනල කාර්මික, ඇගලුම් නිර්මාණ ශිල්පය ඇතුළු අංශ යටතේ විශේෂ පුහුණු වැඩසහන් ක්‍රියාත්මක කෙරිණ.
ඒ,, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව සහ ගම්මැද්ද ඒකාබද්ධවයි.
ඊයේ පුහුණුව ලැබූවන් වෙත සහතික පත්‍ර ප්‍රදානය සහ කාර්මික උපකරණ ප්‍රදානය අද සිදු කෙරිණ.
මෙම අවස්ථාවට ගම්මැද්ද නායක,සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානී ශෙවාන් ඩැනියල් සමඟ නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ අලෙවිකරණ සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු, නුවරඑළිය කාර්මික විද්‍යාලයේ විදුහල්පති සුජීව මැදගෙදර, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියේ ය.
