රතුගල ආදිවාසී නායක අභාවප්‍රාප්ත වෙයි.

රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වෙයි.

by Chathurika Jayasundara 07-05-2026 | 11:50 AM

COLOMBO(News1st) - රතුගල ආදිවාසී පරපුරේ නායක දානිගල මහබන්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ කොළඹ වැලිසර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

සුදා වන්නිල ඇත්තෝ 2005 වසරේ සිට රතුගල ආදිවාසී පරපුරේ නායකයා ලෙස කටයුතු කළේය.

ඔහු සිවු දරු පියෙක්.