දෙදින නිල සංචාරයක් සඳහා වියට්නාම ජනපති අද දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා වියට්නාම ජනපති අද දිවයිනට.

by Staff writer 07-05-2026 | 7:27 AM

COLOMBO(News1st) - වියට්නාම ජනාධිපති ටෝ ලැම් (Tô Lâm) දෙදින නිල සංචාරයක් සඳහා අද(07) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුවයි.

එහිදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි  අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතයි.

එම ගිවිසුම්වලට පසුගියදා කැබිනට් අනුමැතියද හිමිව තිබුණි.

තොරතුරු සහ සන්නිවේදනය, සංස්කෘතික සහයෝගීතාව, ආගමික සහයෝගීතාව, සහ පොලිස් පුහුණු හා විද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධයෙන් මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි.

මෙරට සංචාරයේදී වියට්නාම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිත වේ.

මෙම සංචාරයට වියට්නාම ජනපතිවරයා සමග වියට්නාම රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් ඇතුළු ප්‍රමුඛ දේශපාලන නායකයින් එක් වනු ඇති.