.webp)
-615711.jpg)
COLOMBO (News 1st) - ගාල්ල ඓතිහාසික නගරයේ පාසල් ක්‍රිකට් වංශකතාවට අලුත් පිටුවක් එක් කරමින්, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ ඕල්සෙන්ට්ස් විද්‍යාලය අතර කුළුඳුල් "ගාලු අභිමානය" මහා ක්‍රිකට් තරගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම ඓතිහාසික දෙදින තරගය එළඹෙන මැයි මස 8 සහ 9 යන දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
විද්‍යාල දෙකෙහි විදුහල්පතිවරුන්, ආදි ශිෂ්‍ය සංගම් සහ ක්‍රිකට් සංගම්වල පූර්ණ සහයෝගය ඇතිව සංවිධානය කර ඇති මෙම තරගයේ අරමුණ වන්නේ ක්‍රීඩාශීලීත්වය ප්‍රවර්ධනය කිරීම සහ දෙපාසල සතු පොහොසත් ක්‍රිකට් උරුමය සැමරීමයි.
සත්කාරක ඕල්සෙන්ට්ස් කණ්ඩායම භානුක ප්‍රියලත්ගේ නායකත්වයෙන් සහ ප්‍රධාන පුහුණුකරු තේජාන් යසස්ගේ මගපෙන්වීම යටතේ තරගයට එක්වෙයි.
එමෙන්ම, ප්‍රවීණ පුහුණුකරු තුසිත කාරියවසම්ගේ පුහුණුකාරීත්වයෙන් සහ ලිදුල නුවංගගේ නායකත්වය යටතේ විද්‍යාලෝක විද්‍යාලයීය කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතයි.
දෙපිලම මනා පුහුණුවකින් පසුවන අතර, කුළුඳුල් ජයග්‍රාහී කුසලානය තමන් සතු කර ගැනීම සඳහා ඉතා උද්යෝගිමත් තරගයක් ලබා දීමට සූදානමින් පසුවෙයි.
මෙම ඓතිහාසික අවස්ථාව දැකබලා ගැනීම සඳහා සියලුම ක්‍රිකට් ලෝලීන්ට, වත්මන් සහ ආදි සිසුන්ට සංවිධායක මණ්ඩලය විවෘත ඇරයුමක් කර සිටියි.
ගාල්ලේ ක්‍රීඩා අනන්‍යතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම තරගය සංවිධානය කිරීමට දායක වූ සැමට විද්‍යාල දෙකෙහිම ප්‍රණාමය හිමිවේ.

