විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද...

by Staff writer 06-05-2026 | 7:45 AM

COLOMBO (News 1st) - 2026 යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (06) පැවැත්වේ.

මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ, නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් දෙවැනි හා තුන්වැනි කාර්තු සඳහා ඉදිරිපත් කළ විදුලි පිරිවැය ඇස්තමේන්තුව අනුව සකස් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් අද දිනයේදී මහජන මත විමසීම සිදු කරන බවයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී එම මහජන අදහස් ලබා ගැනීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසමේ ආයතන සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ ය.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ තීරණය ලබන සෙනසුරාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.