අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්..

අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්... - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 06-05-2026 | 6:50 AM

COLOMBO (News 1st) - අද (06) සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ ඒ ආශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැළඹිලි ස්භාවය වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බැවිනි.

ඒ හේතුවෙන් සබරගමුව, මධ්‍යම, සහ  ඌව පළාත්වලත්,අම්පාර , මඩකලපුව, ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ ය.