වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු මියයාම ගැන පරීක්ෂණයක්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක්

by Staff writer 05-05-2026 | 8:15 AM

COLOMBO(News1st) - වැලිකඩ බන්ධනාගාරයේ දඩුවම් විඳිමින් සිටි රැඳවියකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ ජ්‍යෙෂ්ඨ ජේලර්වරයෙකුගේ ප්‍රධානත්වයෙන්.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, නිළධාරින් සමග ඇතිවු පොරබැදීමකින් අනතුරුව රෝගිවී අදාළ රැඳවියා මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, බොරැල්ලේ පදිංචි  අවුරුදු 40ක් පුද්ගලයෙක්.

මේ අතර මැගසින් බන්ධනාගාරය තුළ සිදුවු පහරදීමකින්ද පසුගියදා බන්ධනාගාර රැඳවියෙකු මියගියා.

ඒ සම්බන්ධයෙන්ද බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර විමර්ෂණයක් ආරම්භ කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරයෙකු හා නියාමකවරුන් හතර දෙනෙකුද රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේය.