.webp)
-615578.jpg)
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මාලදිවයින් ජනපතිවරයා සිය දෙදෙින නිල සංචාරය නිම කරමින් හෙට උදෑසන දිවයිනෙන් පිටත්වන යන බවයි.
ජනාධිපති මුයිසු සමඟ සජිදා මොහොමඩ් සහ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටිනවා.
මොහොමඩ් මුයිසු 2023 වසරේදී මාලදිවයිනේ බලයට පත්වීමෙන් පසු සිදු කරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි.
මාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් හෙට දිනය දක්වා කොළඹ සහ කටුනායක අධිවේගී මාර්ගය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ද, ක්‍රියාත්මක වේ.
පොලීසිය සදහන් කළේ, ඔහු ගමන් කරන මාර්ගවල රථ වාහන ධාවනය අවස්ථානූකූලව සීමා කෙරෙන බවයි.
ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් හතකට ඊයේ(04) අත්සන් තැබුණා.
ඒ, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසුගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීවයි.
ආරක්ෂක ගිවිසුම් දෙකක් සහ සංචාරක හා අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර 7ක ගිවිසුම් ඊට ඇතුළත්.
