.webp)
-615536.jpg)
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක පැවසුවේ මෙම සිදුවීම කුමන කාලයේ සිදුවූවක්ද යන්න පිළිබඳ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දී ඇති බවයි.
එම වීඩියෝවේ සිටින බොහෝ රැඳවියන් මේ වන විට ඇප මත නිදහස ලබා පිටව ගොස් ඇතැයිද, ඔහු පැවසුවේය.
අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන 'අහුංගල්ලේ ලොකු පැටී' නමැත්තාගේ සමීපතමයෙකු වන නාමල් නොහොත් 'පොඩියා' නමැත්තාගේ උපන්දිනය සමරන බව කියන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
