.webp)

COLOMBO (News 1st) - ග්‍රීක බැඳුම්කර නඩුවේ කොන්දේසි කඩ කිරීම හේතුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පැවරීමට නියමිත නඩුව, විභාග කිරීම සදහා ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත්කර තිබේ.
ඒ, අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අනූව අගවිනිසුරුවරයා විසින් ය.
මහාධිකරණ විනිසුරුවරුන් වන මනෝජ් තල්ගොඩපිටිය, උදේෂ් රණතුංග සහ බුද්ධික ශ්‍රී රාගල, එහි සාමාජිකයින් ලෙස පත්කර තිබේ.
ග්‍රීක බැඳුම්කර නඩුවේ එකඟතා මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගෙවිය යුතු රුපියල් කෝටි 184 කට අධික මුදල මෙතෙක් ගෙවා නැහැ.
ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කළේ ය.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, සහකාර අධිපතිවරුන් වන දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එම්.ඒ. කරුණාරත්න යන අයට එහිදී චෝදනා ගොනු කෙරිණ.
පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනිදා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, කොන්දේසි සහිතව නිදහස් කිරීමටත්, සෙසු විත්තිකරුවන් තුන්දෙනා කොන්දේසි රහිතව නිදහස් කිරීමටත් කොළඹ මහාධිකරණය නියෝග කළේ ය.
කබ්රාල් නිදහස් කළ කොන්දේසිය අනුව එම ගනුදෙනුවෙන් සිදුවූ රුපියල් කෝටි 184 කට අධික අලාභය, මාස තුනක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට බැර කළ යුතුයි.
එම කාලසීමාව පසුගිය මාර්තු 10 වැනිදායින් අවසන් විය.
එහෙත් එකඟ වූ කොන්දේසී කඩ කිරීම හේතුවෙන්, යළි අධිචෝදනා ගොනු කෙරෙන අතර, නඩුව විභාගයට ස්ථිර විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයක් පත් කරන්නැයි අල්ලස් කොමිසම, අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළේ, ඉන් අනතුරුවයි.
