පන්නලදී පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

පන්නලදී පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 02-05-2026 | 9:12 AM

COLOMBO(News1st) - පන්නල, හුණුවිල ප්‍රදේශයේ සිදුකල වැටලීමකින් විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, 38 හැවිරිදි හුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.