කම්කරු දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා පොලිස් ආරක්ෂාව හා විශේෂ රථවාහන සැලැස්ම - කොළඹ නගරය

by Staff writer 30-04-2026 | 9:32 AM

2026.05.01 වන දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශ වල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය වේ. එම රැස්වීම් අතුරෙන් ප්‍රධාන රැස්වීම්, පෙළපාලි හා උත්සව කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර මැයි දිනයට සමගාමීව විවිධ ආයතන හා සංවිධාන කරනු ලබන සැමරුම් උත්සව දිවයිනේ විවිධ ප්‍රදේශ වල පැවැත්වීමට කටයුතු සංවිධානය වී ඇති බවට වාර්තා වී ඇත.


මෙලෙස පැවැත්වෙන මැයි දින උත්සව සහ සැමරුම් සාමකාමි ලෙස පැවැත්වීමට සුදුසු පරිසරයක් සකස් කිරීම හා එහි ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇත.
පිට පළාත් වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් ඉහත පරිදි අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පොලිස්පතිතුමා විසින් අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.


කොළඹ නගරය මූලික කරගනිමින් පැවැත්වීමට නියමිත දේශපාලන පක්ෂ හා වෘත්තීය සංවිධාන වලට අයත් රැලි හා පෙලපාළි පැවැත්වෙන ස්ථාන හා මාර්ග සැලැස්ම පහත පරිදි වේ..
වේ.

වැඩි විස්තර කියවන්න