හර්ෂණ සූරියප්පෙරුම COPF කමිටුව හමුවට...

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට...

by Staff writer 30-04-2026 | 3:16 PM

COLOMBO (News 1st) - මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට පැමිණ තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිවයෙන් මුදල් කාරක සභාව මේ වන විට පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.

මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඔහු අද එලෙස මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටිනු ඇත.