.webp)

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද යළි කැඳවීමට නියමිතව තිබේ.
ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝතවයක් සඳහා සහභාගි වීමට රුපියල් ලක්ෂ 166 ක මහජන මුදල් වැයකර ලන්ඩනයට යාමෙන් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණි.
මෙම නඩුවට අදාළව පසුගිය අප්‍රේල් මස 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේ ය.
ඒ කොළඹ 03 පස්වන පටුමගේ පිහිටි නිවසේදී ය.
