ශම්මි සිල්වා ඉල්ලා අස්වෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ විධායක කමිටු නිලධාරීන් සිය ධුරවලින් ඉල්ලා අස්වෙයි..

by Staff writer 29-04-2026 | 11:53 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ විධායක කමිටු සමාජිකයින්ද සිය අස්වීමේ ලිපි භාරදී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේද නිල වශයෙන් දැනුවත් කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් ය.

මේ අතර, සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස් වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය යටතට ගෙන තිබේ.