මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කෙරේ..

මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කෙරේ..

by Staff writer 29-04-2026 | 7:51 AM

COLOMBO (News 1st) - මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක විසින් ය.

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින්  මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා එම හදිසි අවස්ථා තත්ත්වය පැනවූයේ මුල්වරට පැනවූයේ පසුගිය නොවැම්බර් 29 වැනිදායි.

මේ අතර, සේවාවන් 15 ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය ද යළි දීර්ඝ කෙරිණ.

ඒ අනුව විදුලිය,ඉන්ධන,සෞඛ්‍ය සේවා,ප්‍රවාහන,මාර්ග,ජලය,ආහාර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්, ගිලන් රථ, මහ බැංකුව, රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා, වාරිමාර්ග, දුරකථන, විදුලි සංදේශ හා මාධ්‍ය , පහත්බිම් ගොඩකිරීම, කෘෂි සහ කෘෂි රක්ෂණ යන සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.