.webp)
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂයෙකු වන ඉරාන් වික්‍රමරත්න, එම විද්‍යාලයේ දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබේ.
පසුව පළමු පෙළ කණ්ඩායම ද නියෝජනය කර ඇත.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලැබූ ඔහු එහිදීද පිතිකරුවෙකු ලෙස ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කර තිබේ.
පාසල් සමයේ පිතිකරුවෙකු ලෙස ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන් ඉරාන්, 1977 වසරේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කර ගෙන ඇත.
එමෙන්ම එංගලන්තයේ කෙන්ට් ආධුනික ලීග් ක්‍රිකට් තරගාවලියටද ක්‍රීඩා කළ ඔහු, ක්‍රීඩාවට සමගාමීව අධ්‍යාපන කටයුතුද සාර්ථකව නිම කර තිබේ.
ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය දක්වා ඉගෙනීමේ කටයුතු සිදු කළ ඉරාන් වික්‍රමරත්න පසුව බැංකු ක්ෂේත්‍රයට යොමු වූ අතර එහි ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස ඔහුගේ සේවා කාලය වසර 15ක්.
පසුකාලීනව දේශපාලනයට යොමු වූ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කළේ ය.
