.webp)

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් අද(28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සංචාරක කාර්යසාධන බලකායේ රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවයි.
ශ්‍රී පාදස්ථානය ආශ්‍රීතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස කාලයක් තිස්සේ විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව එහිදි අවධානයට යොමුකර තිබේ.
ඊට අමතරව කිකිළියාමාන, ඇල්ල ඇතුළු සංචාරක ස්ථාන කීපයක්ද එලෙස කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කළ හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවද එහිදි සාකච්ඡා කෙරුණි.
එම ස්ථානවල එම ව්‍යාපෘතිය ආරම්භ කිරිම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය කර, ඊට අවශ්‍ය මූලික අවසරයන් ලබා ගැනීමටත්, ඒ සඳහා ඉදිරිපත් කළ යුතු වාර්තා පිළිබඳව සොයා බැලීමටත් මෙහිදී අවධානය යොමුව තිබේ.
මැයි මස 25 වන දා සිට රටවල් 40කට නිදහස් වීසා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබේ.
එම පහසුකම ලබා දීමෙන් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යනු ඇති බව අපේක්ෂා කරයි.
