.webp)
-615107.jpg)
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගයේ හෝ වෙනත් පක්ෂයක මැයි දින රැළියකට සහභාගී නොවන, එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරිය තලතා අතුකෝරාල දැනුම් දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ, මෙවර මැයි දිනය යෙදී ඇති 01 වැනිදා පසලොස්වක පෝය දිනයක් බැවින් එදින දේශපාලන කටයුතුවල නොයෙදී ආගමික උත්සව සඳහා වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් කළින්ම තීරණය කර ඇති බවයි.
රණසිංහ ප්‍රේමදාස අගමැති ලෙස එකළ, මැයි 01 වැනිදා පෝය දිනයක් වුවහොත් දේශපාලන කටයුතුවල යෙදීම සුදුසු නොවන බව පෙන්වා දුන් බව ඇය පෙන්වා දී තිබේ.
මේ හේතුව නිසා සමගි ජන බලවේගයේ හෝ වෙනත් පක්ෂයක හෝ මැයි දින රැලිවලට සහභාගී වීමට කටයුතු නොකරණ බව තලතා අතුකෝරාල පෙන්වා දෙන්නේය.
