අත්අඩංගුවට පත් චීවරධාරීන් ගැන ඉදිරි පරීක්ෂණ

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් චීවරධාරීන්ට දින7ක් රඳවා ප්‍රශ්න කිරීමට පියවර...

by Staff writer 26-04-2026 | 1:52 PM

COLOMBO (News 1st) - කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් විසිදෙදෙනා දින 7ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව, පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 19ත් 28 අතර වයස්වල පසුවන්නන්.

සැකකරුවන් අම්පාර, හොරණ, බොරලැස්ගමුව, වාද්දූව, වරකාපොළ, පිලියන්දල, හෝමාගම, අතුරලිය, අම්බලන්ගොඩ, උඩිස්පත්තුව, මඩපාත හා බලංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුතු " කුෂ්" සහ "හෑෂ් "  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරීන් 22 නෙකු  කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

සැකකාර චීවරධාරීන් තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැණින.

ඒ, බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකින්.

ඉන් තුන් දෙනෙකු මීට පෙර ද බැංකොක් හි සංචාරයක නිරත වී ඇති බවට පොලිස් විමර්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

සෑම චීවරධාරියෙකුගේම ගමන් මලු තුළ කිලෝ ග්‍රෑම් 05 කට අධික ප්‍රමාණය බැගින් කිලෝ ග්‍රෑම් 120 කට අධික " කුෂ්" සහ " හෑෂ් " මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

ඒ ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ පාසැල් උපකරණ , විවිධ රසකැවිළි සමග ව්‍යාජ පතුල් සකස් කර සගවා තිබියදීයි.

වෙනත් ලිපි