.webp)
-614997.jpg)
තමිල් අරසු පක්ෂයෙහි නිර්මාතෘ තන්තෙයි සෙල්වා ලෙස හදුන්වන.එස්. ජේ. වී. සෙල්වනායගම්ගේ 49 වන ගුණ සැමරුම අදට යෙදී තිබේ.
ඊට සමගාමීව මෙම උත්සවය කොළඹ කලෙයිමගල් දෙමළ විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණේ තන්තෙයි සෙල්වා අනුස්මරණ පදනමේ සභාපති වී. සෙල්වනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එම්. ගනේෂමූර්ති සහභාගී විය.
මෙම උළෙලේදී විදුහල්පතිවරුන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන් සහ සමාජ සේවකයින් පිරිසක් ඇගයීමට ලක් කෙරුණු අතර, නිව්ස්ෆස්ට් නිෂ්පාදක කාළිමුත්තු චන්ද්රන්ද මෙහිදී අනුස්මරණ සම්මානයකින් පිදුම් ලැබුවේ ය.
