.webp)
-614936.jpg)
වොෂින්ටන් ඩීසීහි සුප්‍රසිද්ධ හෝටලයක ජනාධිපතිවරයා එම භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණේ, ධවල මන්දිර වාර්තාකරුවන් වෙනුවෙනි.
වෙඩි තැබීමෙන් පසු ආරක්ෂක නිලධාරීන්, ජනාධිපතිවරයා, ආර්යාව ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිතව එම ස්ථානයෙන් පිටතට රැගෙන ගොස් තිබේ.
ජනාධිපතිවරයාගේ කතාව පැවැත්වීමට විනාඩි කිහිපයකට පෙර වෙඩි ප්‍රහාර 5ත්, 8ත් අතර සංඛ්‍යාවක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන් විනාඩි කිහිපයක් ඇතුළත කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු වන 30 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ, කඩිනමින්, නිර්භීතව කටයුතු කළ සිය ආරක්ෂක නිලධාරීන්ට ප්‍රශංසා කරන බවයි.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ, ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය, දින 30 ක් ඇතුළත යළි පවත්වන බවයි.
සිද්ධියෙන් බුද්ධි අංශ සාමාජිකයෙකු තුවාල ලබා ඇතැයි CNN පුවත් සේවය සඳහන් කළේය.
ඇමරිකානු ජනාධිපති, ජනපති ආර්යාව, උප ජනපති, කථානායක, කැබිනට් මණ්ඩල සාමාජිකයින් ඇතුළු එරට ආණ්ඩුවේ සියලු ප්‍රබලයින්, එම භෝජන සංග්‍රහය සදහා එක්ව සිටීම විශේෂත්වයකි.
දැඩි ආරක්ෂිත රැකවල් පවතිද්දී, සැකකරු ගිනි අවියක් රැගෙන උත්සව ශාලාව තුළට පැමිණියේ කෙසේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
2024 ජූලි මාසයේ පෙන්සිල්වේනියාවේ පැවති ජනාධිපතිවරණ රැළියකදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර සිදු කළ වෙඩි ප්‍රහාරයකින් ඔහුගේ කණට තුවාල සිදුවිය.
එහිදී ඒ අසළ සිටි පුද්ගලයෙකු මියගොස්, තවත් දෙදෙනෙකු තුවාල ලැබුවේය.
එහිදී ස්නයිපර්වරයෙකු කළ වෙඩි තැබීමකින් 20 හැවිරිදි සැකකරු මිය ගියා.
