කෝටි ගණනක කුෂ් සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට.

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක කුෂ් සමග ගුවන් මගියෙකු කටුනායකදී අත්අඩංගුවට.

by Staff writer 25-04-2026 | 8:01 AM

COLOMBO(News1st) - රුපියල් දෙකෝටි පනස් ලක්ෂ පනස් දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

තායිලන්තයේ සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී  එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ,  කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 505ක් සූක්ෂම ලෙස අසුරා සඟවාගෙන මෙරටට ගෙනැවිත් තිබේ.
.