පියෙකු ඝාතනය කළ පුත්‍රයෙක් මාතලේදී අත්අඩංගුවට

බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන්, තියුණු ආයුධයකින් පහරදී 64 හැවිරිදි පියෙකු ඝාතනය කළ 33 හැවිරිදි පුත්‍රයෙක් මාතලේදී අත්අඩංගුවට

by Staff writer 25-04-2026 | 10:30 AM

COLOMBO(News1st) - මාතලේ, අතිරහපිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනය කර ඇත්තේ,  64 හැවිරිදි අතිරහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සිය පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි අනාවරණයවී තිබේ.

පොලීසිය පැවසුවේ, ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ‍33ක් වන පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.