දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි...

දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි...

by Staff writer 25-04-2026 | 8:03 AM

COLOMBO(News1st) - බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් පස්වරුවේ, තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.