මුදල් අමාත්‍යංශයට එල්ල වූ සයිබර් ප්‍රහාරයට පරික්ෂණ

මුදල් අමාත්‍යංශයට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන සෙවීමට මහා භාණ්ඩාගාරයෙන් විශේෂ කණ්ඩායමක්.

by Staff writer 23-04-2026 | 7:33 AM

COLOMBO (News 1st) - මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළු වී සයිබර් හැකර්කරුවන් සිදු කළ බව කියන වංචාව සම්බන්ධයෙන්, අංශ කිහිපයකින් පරික්ෂණ ක්‍රියාත්මක බව, මුදල් අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව, මහා භාණ්ඩාගාරයෙන් ද, පරික්ෂණයක් ක්‍රියාත්මක බවයි.