දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි....

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි....

by Staff writer 23-04-2026 | 11:21 AM

COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනූව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, කුරුණෑගල, අනුරාධපුර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.