හෝමූස් ගමනාගමනය අඛණ්ඩව පවත්වා ගත යුතුයි- චීන ජනපති

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පෙර පැවති සාමාන්‍ය ගමනාගමනය අඛණ්ඩව පවත්වා ගත යුතු බව චීන ජනාධිපති කියයි.

by Staff writer 21-04-2026 | 4:38 PM

COLOMBO(News1st) - හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පෙර පැවති සාමාන්‍ය ගමනාගමනය අඛණ්ඩව පවත්වා ගත යුතු බවට චීන ජනාධිපති ෂී.ජින්පින් අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සමග සිදුකළ දුරකථන සංවාදයක් අතරතුරයි.

පවතින බලශක්ති අර්බුදය මෙතෙක් පැවති විශාලතම අර්බුදය බවට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානී ෆාති බිරෝල් අනතුරු අඟවා ඇති පසුබිමක වීම විශේෂත්වයක්.