.webp)
-614697.jpg)
ඒ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් පොර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිටයි.
මේ ඒ පිළිබඳව තොරතුරු ගෙන එන නිවුස් ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු මනෝජ් බුද්ධික .
හෙටින් ආරම්භ වන ජාත්‍යන්තර සාම පා ගමන, ලබන 28 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී දියත් කිරීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.
සාම පා ගමනට සමගාමීව සිදු කෙරෙන අසදිස පූජාව අද පස්වරු 3ට රුවන්වැලි මහා සෑ පුදබිමේදී ආරම්භ වේ.
ජාත්‍යන්තර සාම පාගමනේ පූර්ණ සම්බන්ධීකරණය සිදු කරන්නේ සිරස මාධ්‍ය ජාලයයි.
අනිද්දා ආරම්භ වන ජාත්‍යන්තර සාම පාගමනට සහභාගී වීම සඳහා වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ආලෝකා සමග ඊයේ(20) පෙරවරුවේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් පොර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් විය.
සාම පාගමනට සහභාගී වන භික්ෂූන් වහන්සේ දොළොස් නම අතුරින් තායිලන්තයේ රතන සා හිමි ඇතුළු කිහිප නමක් පසුගිය සිකුරාදා අළුයම මෙරටට වැඩම කළේය.
ඉන් අනතුරුව ඔවුන් අත්තනගල්ල රජමහා විහාරස්ථානයට වැඩම කිරීමට නියමිත අතර එහිදි මාධ්‍ය හමුවක් පැවැත්වේ.
පසුව පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිස ආලෝකා සමග ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනා කිරීම සදහා අනුරාධපුරයට වැඩම කරනු ඇති.
මේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්..
සාම පාගමන ආරම්භ වන්නේ හෙට(22) උදෑසනයි.
හෙට(22) උදෑසන සිදුකෙරන සංඝගත දක්ෂිණාවෙන් පසු දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන එදින සවස මාතලේ අළුවිහාරට ළඟා වනවා.
අනිද්දා(23) මාතලේ අළුවිහාරයෙන් යළි ආරම්භ කෙරෙන සාම පා ගමන එදින අවසන් කරන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන්.
යළිත් අප්‍රේල් 24 වන දා ශ්‍රී දළදා මාලිගාවේ මහ මලුවෙන් ආරම්භ කෙරෙන මෙම පාගමන කෑගල්ල බෙලිගම්මන රජමහා විහාරයට ළඟාවීමට නියමිතයි.
අප්‍රේල් 25 බෙලිගම්මන රජමහා විහාරයෙන් යළිත් පාගමන ආරම්භ වී තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය දක්වා පැමිණෙනු ඇති.
අප්‍රේල් 26 වනදා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සිට යක්කල චන්ද්‍රජෝතී විද්‍යාලය අසළ විහාරස්ථානය දක්වා සාම පාගමන පැමිණේ.
අප්‍රේල් 27 වනදා යක්කල චන්ද්‍රජෝතී විද්‍යාලය අසළ විහාරයෙන් ආරම්භ වන පාගමන, එදින අවසන් වන්නේ කැළණිය රජමහා විහාරයෙන්.
අප්‍රේල් 28 කැළණිය රජමහා විහාරයෙන් පිටත් වී සවස 4 වනවිට නිදහස් චතුරස්‍රයට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නයට භාර දීමට නියමිතයි.
නිදහස් චතුරස්‍රයේ සිට පෙරහරකින් සිරස මාධ්‍යජාලයේ මූලස්ථාන පරිශ්‍රය පසුකොට ගංගාරාමය විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව සාම පා ගමනේ නිමාව සිදු වේ.
