කටුනායකදී ඇල්ලූ කෝටි 6ක කුෂ්...

කෝටි 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට..

by Staff writer 20-04-2026 | 8:49 AM

COLOMBO (News 1st) - රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,  22 හා 30 යන වයස්වල පසුවන ඉන්දුනීසියානු ජාතිකයින් දෙදෙනෙක්.

ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී පැකැට් 05 ක් ලෙස සකස් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 401 ක් සොයා ගෙන තිබේ.

සැකකරුවන් අද (20) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.