මිදිගම නිවසකට වෙඩි ප්‍රහාරයක්..

මිදිගම නිවසකට වෙඩි ප්‍රහාරයක්..

by Staff writer 19-04-2026 | 8:27 AM

COLOMBO (News 1st) - මිදිගම, යාහුවත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 11.45 ට පමණ පැමිණි පිරිසක්, නිවසට වෙඩි තබා, එහි තිබූ මෝටර් රථයකට ද ගිනි තබා ඇති බවයි.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.

වෙඩි තැබීම කර ඇත්තේ, ටී 56 ගිනි අවියකින් ය.

එම ස්ථානයේ තිබී ජීව උණ්ඩ 12 ක් සහ හිස් පතොරම් කොපු 5 ක් සොයාගෙන තිබේ.

වෙඩි ප්‍රහාර එල්ල වූ නිවසේ හිමිකරු වැලිගම නගරයේ කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අයෙකි.

වෙඩි තැබීමට හේතුව, මෙතෙක් අනාවරණය වී නැහැ.