පෙට්‍රල් වාහන සඳහා අද සිට යළි QR

පෙට්‍රල් වාහන සඳහා අද සිට යළි QR

by Staff writer 19-04-2026 | 8:33 AM

COLOMBO (News 1st) - අද සිට නැවතත් පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, ඔත්තේ හා ඉරට්ටේ ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම ද ක්‍රියාත්මක බවයි.

ඒ අනුව පෙට්‍රල් වාහන සඳහා පෙර පැවති ඉන්ධන කෝටාව යළි සක්‍රීය වනු ඇති.

උත්සව සමය හේතුවෙන් පසුගිය 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමවේදය ඉවත් කෙරිණ.

මේ අතර, පෙරේදා, බොරතෙල් මෙට්‍රික් ටොන් 97 500 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා විය.